ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාවට නැංවීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් ලබා දෙන සහය ඇගයීමට |
දිනය : | 2023-10-24 |
- ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භෝග සඳහා පොහොර යෙදීමේ වැඩ සටහනට අදාළ ගැටළු විසඳීම සඳහා වන ප්‍රතිපත්තිමය නිර්දේශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට ඉදිරි පියවර
- පොහොර සම්බන්ධයෙන් තිරසාර ප්‍රතිපත්තියක් මේ වනතෙක් සකස් වී නොමැති බැවින් ආංශික අධීක්ෂණ කාරක සභාවේද සහාය ඇතිව කෘෂි භෝග සඳහා පොහොර භාවිතා කිරීමට ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගැනීමට එකඟතාවයක්
- එප්පාවල රොක් පොස්පේට් භාවිතා කර මෙරට SSP නිපදවුවහොත් වාර්ෂික TSP අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීම සඳහා වැය වන රුපියල් බිලියන 8 ක පමණ විදේශ විනිමය ඉතිරියක්
ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාවට නැංවීමට ඉදිරි වැඩපිළිවෙල සඳහා එකඟතාවයක් ඇති කර ගැනීමට කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේනතුවේදී පැවති රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාද සභාපතිවරයාගේ ආරාධනය පරිදි සහභාගී විය.
කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාවට නැංවීමට ගරු කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් ලබාදෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පල කළ සභාපතිවරයා, පසේ සාරවත් බව, සෞඛ්‍ය හා පරිසරය ද සුරක්ෂිත කරමින් ඉහළ බෝග අස්වැන්නක් ලබා ගැනීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු ඉදිරි පියවරයන්ද ඉදිරිපත් කළේය.
2020 වර්ෂයේදී කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්ෂණිකව ක්‍රියාවට නැංවීමමේදී අර්බුදය හඳුනාගෙන සිදුවූ වැරදි නිවැරදි කර කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාත්මක විය යුතු බව ගරු මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය. පවතින යුධමය වාතාවරණය සහ විවිධ අර්බුද නිසා මේ වන විට ලෝක වෙළඳපළෙහි පොහොර මිළ ගණන් ඉහළ යාම නිසා අද යූරියා කිලෝග්‍රෑමයක මිළ රුපියල් 480 ක් බවත් මෙම මිළ ඉදිරියේදී තව දුරටත් ඉහළ යා හැකි බැවින් කාබනික පොහොර භාවිතය තව දුරටත් ප්‍රචලිත කළ යුතු බවත් ගරු අමාත්‍යතුමාගේ අදහස විය.
යොදන රසායනික පොහොර ප්‍රමාණය 25% -50% දක්වා අඩුකර කාබනික හා ජෛව පොහොර යොදා අස්වැන්න 20%- 30% කින් වැඩි කළ හැකි බව හෙළිවූ පර්යේෂණ ප්‍රතිඵල ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව සහභාගී වූ විද්‍යඥයින් විසින් පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, පොහොර නිෂ්පාදකයින්, නව පොහොර වර්ග හඳුන්වාදුන් විද්‍යාඥයින් හා ගොවීන්ගේ සහභාගීත්වයෙන් දේශීයව නිෂ්පාදනය කළ තාක්ෂණයෙන් දියුණු නව කාබනික හා ජෛව පොහොර පුළුල් ලෙස පරීක්ෂාවට ලක් කිරීමට නිර්දේශ කළ අතර ඒවායේ මිළ, පරිශීලක හිතකාමී බව, බෝග අස්වැන්නෙහි වැඩිවීම හා ලාභදායිතාවය මත එම පොහොර ගොවීන් අතර ප්‍රචලිත වන බව පෙන්වා දෙන ලදී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව පොහොර නිර්දේශ සකස් කිරීමටත්, පාංශු පර්යේෂණ වැඩසටහන අඛණ්ඩව සිදු කිරීමටත් ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පාංශු රසායනාගාර නූතන තාක්ෂණික පහසුකම් සහිතව සංවර්ධනය කිරීමටත් කෘෂි උපදේශක හා කෘෂි පර්යේෂණ නිලධාරී සහකාරවරුන්ගේ දායකත්වයෙන් පාංශු පර්යේෂණ වැඩසටහන් ගොවීන්ට පහසුවන ලෙස සක්‍රීයව සිදු කිරීමටත් තීරණය විය. කාබනික සහ ජෛව පොහොර පර්යේෂණ සහ පුහුණු කිරීම් සඳහා මාකඳුර තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ශක්තිමත් කිරීමටද යෝජනා විය.
කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේදී සිදු වූ වැරදි, අභියෝග සහ බාධක අධ්‍යයනය කිරීම සඳහා සාමාජ විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමටත් කාබනික පොහොර වල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩ ඇගයීමකට ලක් කිරීමට සහාය දීමටත් හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂවරයා සිය කැමැත්ත පල කළේය.
දේශීය කාබනික හා ජෛව පොහොර නිෂ්පාදකයින්හට SLS 1752 දරණ GMP සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීම තුළින් පොහොර ප්‍රමිතිය දිගුකාලීනව පවත්වාගෙන යා හැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
බලපත්‍රලාභී සමාගම් 4ක් විසින් එප්පාවල රොක් පොස්පේට් භාවිතා කර SSP නිෂ්පාදනය මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඒ හරහා මෙට්‍රික් ටොන් 4000ක් පමණ දැනට නිෂ්පාදනය වෙමින් පවතින බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දෙන ලදී. වාර්ෂිකව TSP අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීම සඳහා වැය වන රුපියල් බිලියන 8 ක පමණ විදේශ විනිමය ඉතිරි කරගත හැකි බවත් මෙරට නිෂ්පාදනය වන ගුණාත්මයෙන් වැඩි SSP වල පවතින බැරලෝහ ප්‍රමාණය ආනයනික TSP වල පවතින බැර ලෝහ ප්‍රමාණයට වඩා සාපේක්ෂව අඩු ප්‍රමාණයක් පවතින බව ද කමිටුවේදී අනාවරණය විය. එමනිසා දැනට අපනයන සඳහා යොදා ගැනෙන එප්පාවල රොක් පොස්පේට් අප රටේ නිපදවිය හැකි SSP සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට යෝජනා කරන ලදී.
තාක්ෂණිකව දියුණු කරන ලද ජෛව පොහොර හා කාබනික පොහොර යොදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී සිදු කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් සාර්ථක ඉහළ අස්වනු ලබාගෙන ඇති බවත් ඒ අනුව සාම්ප්‍රදායික ලෙස කාබනික පොහොර යෙදීමේදී මෙට්‍රික් ටොන් 10ක් වැනි විශාල ප්‍රමාණයක් යෙදීම වෙනුවට පහසුවෙන් භාවිතා කළහැකි තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීමට පහසුකම් සලසන ලෙස විවිධ කාබනික පොහොර නිෂ්පාදකයින් විසින් ඉල්ලා සිටින ලදී.
ආංශික අධීක්ෂණ කාරක සභාවට සහභාගීවු තරුණ නියෝජිතයින් අදහස් දක්වමින් පැවසූයේ වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වර්ග වලටද එක් එක් බෝග කාණ්ඩය අනුව සහ වගා කරන ප්‍රදේශය අනුව පොහොර නිර්දේශ ලබා දිය යුතු බව හා ගැලපෙන පැකේජ සෑදිය යුතු බවය.
රැස්වීමට සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන ගරු සී.බී රත්නායක මහතා, ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා, ගරු කපිල අතුකෝරළ මහතා සහ කාරක සභාවේ සභාපතිතුමාගේ අවසරය මත ගරු උදයකාන්ත ගුණතිලක මහතා, ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා සහ ගරු තිස්සකුට්ටිආරච්චි මහතා ද සහභාගී වූහ.
තවද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, අපනයන සංවර්ධන මණ්ඩලය, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනය, මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ද සහභාගී වූහ. මෙයට අමතරව කාබනික පොහොර හා ජෛව පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදකවරුන්ගේ සංගම්වල නියෝජිතයන්ද ආංශික අධීක්ෂණ කාරක සභාවට පත් කරන ලද තරුණ නියෝජිතයන්ද සහභාගී වූහ.


ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






