පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජිතයන් සඳහා නිල අධ්‍යයන වැඩසටහනක් |
දිනය : | 2023-10-20 |
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී-ශ්‍රී ලංකා ආයතනයේ (NDI) තාක්ෂණික හා සම්බන්ධීකරණ සහයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරමින් අදාළ කාරකසභාවල සාභාපතිවරයන් සහ සාමාජික නියෝජිතයන් ඇතුළු කණ්ඩායමක්, ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ කාරක සභා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින එරට බලා පිටත්ව යනු ඇත.
ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ දීර්ඝ කලක් ස්ථාවරව ක්‍රියාකාරීව පවතින කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම හා අදහස් හුවමාරු කරගැනීමටත්, එම කාරක සභාවන්හි සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, ඒවායේ තාක්ෂණික එළැඹුම් හඳුනාගැනීමට මෙන්ම එහි නව්‍ය ප්‍රවණතා නිරීක්ෂණයට සහ අදාළ කාරක සභාවල මහජන සහභාගීත්වය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමටද මෙම අධ්‍යයන වැඩසටහන මගින් අපේක්ෂිතය.
එමෙන්ම, අදාල කමිටුවල කාර්යයන් සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයක් සහිත දැක්මක් වර්ධනය කිරීමට මෙන්ම ඒ සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමටද උක්ත අධ්‍යයනය ඉවහල් වනු ඇත.
අදාළ අධ්‍යයන චාරිකාව සඳහා, මහලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සභභාගී වනු ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






