ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දිනය : 2023-10-20

නව මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

ඒ අනුව, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න මහතා පත්කිරීමට සහ කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දමිත් නිශාන්ත සිරිසෝම උළුගෙතැන්න මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ.

එයට අමතරව, නේපාලයේ නව  ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන කරගොඩ පතිරන මහතා පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව මහ ලේකම්වරිය තවදුරටත් සඳහන් කරයි.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්. 19) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, ගරු තලතා අතුකෝරළ, ගරු උදය ගම්මන්පිල සහ  (වෛද්‍ය) ගරු සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි