අංක 2340/45 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ නියමය අහෝසි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය |
දිනය : | 2023-10-05 |
2023 ජූලි 13 දින අංක 2340/45 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ නියමය අහෝසි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.
මේ සඳහා අනුමතිය හිමි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 03) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී මෙම නියමය අහෝසි කිරීමට කාරක සභාවේ අනුමතිය හිමි වුවද බඩඉරිඟු ආනයනය සහ ත්‍රිපෝෂ නිෂ්පාදනය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස අදාළ නිලධාරීන්ට කමිටුව විසින් උපදෙස් ලබාදීම සිදු කරන ලදි. එසේම වසර ගණනාවක් තිස්සේ නිෂ්පාදන ඉලක්කයට වඩා අඩු නිෂ්පාදනයක් පවතින බව කමිටුවට නිරීක්ෂණය වන බවද මෙහිදී පෙන්වා දුන්නේය. තවද ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් ත්‍රිපෝෂ ප්‍රමාණයක් සකස් කිරීමට අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීම සඳහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය වන සියලුම පාර්ශ්ව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවන බවද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
2023 මැයි 17 දින අංක 2332/14 දරන ගැසට් නිවේදනය මගින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ බරිගු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 75 සිට රු. 25 දක්වා අඩු කර තිබුණි. මෙම අඩු කිරීම 2023 මැයි මස 18 දින සිට වසරක් වලංගු බව සඳහන් කොට තිබූ අතර මෙම නව ගැසට් නිවේදනය මගින් එම කාලසීමාව අවලංගු කිරීම සිදු කර ඇති අතර එම නිසා නැවත බඩ බරිගු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 75 දක්වා වැඩි වීම සිදු වේ.
මේ අනුව කමිටුව විසින් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් පරීක්ෂා කර බැලීම සිදු වූ අතර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ එක් ගැසට් පත්‍රයක අඩංගු කරුණු පාර්ලිමේතුවේ අනුමතියට ඉදිරිපත් කොට තිබියදී තවත් ගැසට් නිවේදනයක් මගින් පූර්ව ගැසට් නිවේදනයේ කරුණු අවලංගු කිරීමට කටයුතු කිරීම ගැටලු සහගත බවයි.
මේ නිසා මේ පිළිබඳ පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර මෙය ප්‍රතිපත්තිමය කරුණු මත සිදු වන බව ඔවුහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගන්නා බව ඔවුහු පෙන්වා දුන්හ. එසේම ත්‍රිපෝෂ සැකසීමට අවශ්‍ය බඩ ඉරිගු ගෙන්වීමට සිටින අනයනකරුවන් පිළිබඳවද මනිත්‍රීවරු විමසා සිටීම මෙහිදී සිදු විය. මේ අනුව මේ සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යංශය මුල්වී කටයුතු කරන බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.
මෙම කාරක සභාව සඳහා කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය ගරු (අචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු පාඨලී චම්පික රණවක, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු නිමල් ලන්සා, ගරු හර්ෂණ රාජකරුණා, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර, මේජර් (ආචාර්ය) ගරු ප්‍රදීප් උඳුගොඩ, ගරු සහන් ප්‍රදීප් සහ ගරු (නීතිඥ) මධුර විතානගේ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










