ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka
Message
  • Sorry this content is not available in this language

පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වන විට ගෙනෙනවා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

දිනය : 2023-06-16

මේ වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

‍මේ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව පැවසීය.

මෙරට ආයෝජන සිදු කිරීමේදී බලපත්‍ර ලබා ගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබදව මන්ත්‍රීවරුන් කරුණු විමසූ අවස්ථාවේදී,  ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා යෝජිත නව  ආයෝජන පනත පිළිබදව සඳහන් කළේය.

තවද, ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා  ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වන මහලේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් (Investor Facilitation Center) ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහිදී ආයෝජකයන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද අවස්ථාව සලසා ඇත. ආයෝජකයින්ට පවතින ගැටලු කඩිනමින් මෙම මධ්‍යස්ථානය මගින් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන බව ඔහු පැවසීය. නව නීතිය ක්‍රියාත්මක වනතුරු තාවකාලික වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාත්මක  බව ද  ඔහු  වැඩිදුරටත් පැවසීය.

එලෙසම, ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමට හැකි ආයෝජන කලාප හඳුනා ගෙන ඇති බවත් ඒවා ප්‍රවර්ධනය කර නව ආයෝජකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතින  බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රට තුළට ගෙන එන ආයෝජන පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ආයෝජන සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරිපත් කිරීමේ අත්‍යවශ්‍යතාවද මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දෙන ලදී.

විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ශාන්ත බණ්ඩාර, ගරු අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නිරෝෂන් පෙරේරා, ගරු ඉරාන් වික්‍රමරත්න,  ගරු යදාමිණි ගුණවර්ධන, ගරු උදයන කිරිදිගොඩ, ගරු ධම්මික පෙරේරා, ගරු කරුණාදාස කොඩිතුවක්කු, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු වීරසුමන වීරසිංහ, ගරු ගුණපාල රත්නසේකර සහ ගරු වේලු කුමාර් යන මහත්වරු ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි