ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරටට වාසි වන පරිදි ප්‍රතිව්‍යුහගත කරනවා - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා |
දිනය : | 2023-06-01 |
ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය බලාපොරොත්තු වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවසීය.
වරාය සහ ගුවන් සේවා පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතීත්වය දරමින් 2023.05.24 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවත් ඒ අනුව ලසාඩ් සමාගමට වගකීම පැවරී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. රටට වැඩි ප්‍රතිලාභයක් ඇති කර ගැනීම සඳහා මෙම කාර්ය සිදු කළ යුතු බවට රජය ඍජු ස්ථාවරයක සිටින බවත් ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වලදී ගමනාන්තයන් ඇතුළු ගොඩබැස්සවිය හැකි රටවල් තීරණය සදහා අයිතියක් ඇති බැවින් මෙකී සියලු සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය. එබැවින් ප්‍රතිව්‍යුහගතකීරීමේදී ඒ සදහා භාවිත කළ හැකි හවුල්කාරිත්වයන් සම්බන්ධයෙන් බොහෝ විකල්ප තිබෙන බවත් ඉතා වාසිදායික ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව දේශපාලනඥයන් නොවන වෙනම විද්වත් කමිටුවක් මුදල් අමාත්‍යාංශයෙන් මේ වන විට පත්කර ඇත. ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙම කමිටුව ලසාඩ් සමාගම සමඟ සාකච්ඡා කරමින් කරමින් සිටී. එබැවින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම කමිටුව තීරණ ගනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ සමගම යාපනය ගුවන් තොටුපළ වෙත දැනට සතියකට දින හතරක් ගුවන් සේවා ක්‍රියාත්මක වන බවත් එය සතියේ දින හතක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. යාපනය ගුවන් තොටුපළේ ධාවන පථය දීර්ඝ කිරීම සඳහා ඉන්දියාවෙන් ණය මුදලක් අපේක්ෂා කරන බවත්, ණය පහසුකම ලැබුණු පසු ගුවන් තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සිදු කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමේදී සීමාසහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව, ජයබහාලුම් පර්යන්ත සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ආදී ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෙම ආයතන මගින් ඉදිරිපත් කොට තිබූ වාර්ෂික වාර්තා ද අනුමතිය හිමිවිය.
මීට අමතරව, කාරක සභාව වෙත යොමු කරන ලද 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග 2 ක්ද 1971 අංක 52 දරන වෙළද පනත යටතේ නියෝග 13 ක්ද 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද එක් නියෝගයකටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මෙම රැස්වීමට ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක් ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ජේ.සී අලවතුවල, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු වීරසුමන වීරසිංහ, ගරු ජයන්ත සමරවීර, ගරු ජගත්කුමාර සුමිත්‍රආරච්චි, සහ ගරු මිලාන් ජයතිලක, යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








