ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට විද්‍යුත් ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම පිළිබඳ ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කමිටුවේ අවධානය

දිනය : 2022-11-15

විද්‍යුත් ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය කඩිනමින් මෙරටට හඳුන්වාදීම පිළිබඳව කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (නොවැ. 11) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මේ සඳහා මුදල් අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යංශය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීහු සහභාගී වී වූහ.

මෙහිදී මෙරට සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රසම්පාදනය ක්‍රියාවලිය විද්‍යුත් තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව සඳහා පාර්ලිමේන්තුව තුළින් ප්‍රතිපත්තියක් සකස්කිරීමේ අවශ්‍යතාව  පිළිබඳව කාරක සභාවේ සභාපති ගරු නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ අනුව 2023 වර්ෂයේ ජුනි මාසය වන විට කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හඳුන්වාදීමටත් 2025 වන විට රටේ සියලුම රාජ්‍ය ආයතන සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හඳුන්වාදීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පවිත්‍රා වන්නිආරච්චි, ගරු වජිර අබේවර්ධන සහ ගරු සාගර කාරියවසම් යන  මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි