ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රාජ්‍ය ආයතනවල කාර්යසාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs) හඳුන්වාදීමට නව ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ

දිනය : 2022-10-28

රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs / Key Performance Indicators) හඳුන්වාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (ඔක්. 26) පැවති ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.

රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සදහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය සදහා මිනුම් දඬු සකස් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.

මේ අනුව පරිපාලන සේවය ඇතුළු අනෙකුත් දීපව්‍යාප්ත සියලු සේවාවන් එක්වී මේ පිළිබඳව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ඇරඹීමට ද මෙහිදී තීරණය විය.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන සහ සාගර කාරියවසම් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි