ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී වාර්ෂික වාර්තා කිහිපයක් සලකා බැලේ

දිනය : 2022-10-28

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්. 21) පාර්ලිමේන්තුවේදී පැවැති එම අමාත්‍යාංශයීය පළමු උපදේශක කාරක සභා රැස්වීමේදී වාර්ෂික වාර්තා හයක් සලකා බැලිණි.

ඒ අනුව, 2017 සහ 2018 වසර සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2018 වසර සඳහා සීමාසහිත ලංකා සතොස ආයතනයේ වාර්ෂික වාර්තාව, 2016 සහ 2020 වර්ෂ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2020 වසර සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව කමිටුව විසින් සැලකිල්ලට ගෙන අනුමතිය ලබා දෙන ලදී.

දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමුවූ අතර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එම වැඩපිළිවෙළ මෙම වසර අවසන් වීමට පෙර යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ද  අමාත්‍යාංශය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

1 3

8

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි