ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ යෝජිත පනත් කෙටුම්පත ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට |
දිනය : | 2022-10-25 |
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීමට අදාළව යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට පසුගියදා ලක්විණි.
ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (Sexual and Gender Based Violence (SGBV) 2016-2020) විසඳීම සඳහා බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
කමිටුවේදී නව පනත් කෙටුම්පතට අදාළව සාකච්ඡා කරන ලද සියලුම නිර්දේශ සති දෙකක් ඇතුළත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මේ සම්බන්ධව පත් කර ඇති විද්වත් කමිටුව වෙත යැවීමට ද මෙහිදී තීරණය විය.
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ගීතා කුමාරසිංහ, ගරු ගරු ඩයනා ගමගේ, ගරු පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චන්දිම වීරක්කොඩි, ගරු එරාන් වික්‍රමරත්න, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක්ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










