ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කමිටුවේ අවධානය

දිනය : 2022-10-21

•    ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ආයෝජකයන්ට අවශ්‍ය සියලු අනුමතීන් ලබාගැනීම සඳහා එක් ස්ථානයක්...

 

මෙරට ආයෝජනයන්ට සුදුසු රටක් ලෙස ප්‍රචලිත කිරීම සඳහාත් මෙරට ව්‍යවසායකත්වය සහ ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීම සඳහාත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සකස්කොට ඇති ඉදිරි සැලසුම් පිළිබඳව කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ අනුව ව්‍යවසායකත්වය හා ආයෝජන දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡා වූ අතර කම්කරු නීතිය සහ අනෙකුත් නීති පිළිබඳ එම මණ්ඩලයේ යෝජනා සහ අදහස් ලබාගැනීම සිදු විය.

එසේම ඉදිරියේදී ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් ආයෝජකයන්ට සහ අවශ්‍ය පාර්ශ්වයන්ට ලබාගතයුතු අනුමතීන් එක් ස්ථානයකින් ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් ලබාගැනීමට ක්‍රමවේදයක් සකස්කිරීම පිළිබඳ අනු කමිටුව විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබාදීම සිදු කරන ලදි.

තවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඒ හා බැදුණු පාර්ශ්ව කරුවන්ගේ අදහස් ලබාගෙන මෙරට ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා සකස් කළ දිගුකාලීන ප්‍රතිපත්ති මාලාවක් ජාතික සභාවට ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අනු කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු සාගර කාරියවසම් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරන නිලධාරීහු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි