ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අදාළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ජාතික සභාවට ඉදිරිපත් කිරිමට පියවර

දිනය : 2022-10-21

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අදාළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ජාතික සභාවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මන්ත්‍රී ගරු කන්චන විජේසේකර මහතා ජාතික සභාව වෙත දැනුම් දුන්නේය.

ඒ සමගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කිරීමට යෝජිත විවිධ බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ගැනීමට යෝජිත පියවර සම්බන්ධයෙන්ද ජාතික සභාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

ජාතික සභාව එහි සභාපති කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (ඔක්. 20) පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන ජාතික සභාව වෙත කැඳවා තිබූ අතර එහිදී නිලධාරීන් විසින් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.

මෙම රැස්වීමේදී ජාතික සභාවේ අනු කමිටු වන කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා සහ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් සිය කමිටුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සම්බන්ධව ජාතික සභාව දැනුවත් කරන ලදී.

මෙම රැස්වීමට අමාත්‍යවරයන් වන ගරු කංචන විජේසේකර, ගරු නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ගරු ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු පවිත්‍රා වන්නිආරච්චි, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ගරු සාගර කාරියවසම්, අසංක නවරත්න, රිෂාඩ් බද්දියුදීන්, එම්. රාමේෂ්වරන්, සියවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

34

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි