ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම කඩිනම් කිරීම ඇතුළු රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නවා - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කමිටු රැස්වීමේදී පවසයි |
දිනය : | 2022-10-18 |
ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම ඇතුළු රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සදහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ තම අනුකමිටුව මගින් ජාතික සභාවට කඩිනමින් ඉදිරිපත් කරන බව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා අද (ඔක්. 18) පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද පැවති මෙම අනුකමිටුවේ ප්‍රථම රැස්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීහු සහභාගීව සිටියහ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම කඩිනම් කිරීමට අවශ්‍ය දත්ත රැස්කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ දත්ත ආරක්ෂණ ඒජන්සිය කඩිනමින් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු කාරණා පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය හරහා යාවත්කාලීන කිරීම සදහා පවතින නෛතික බාධා ඉවත් කිරීමට අණපනත් සංශෝධනය වීමේ අවශ්‍යතාවද දීර්ඝ ලෙස අනුකමිටුවේදී සාකච්ඡා වූ අතර ඒ අනුව ඒ පිළිබද වාර්තාවක් සති දෙකක් තුළ අනුකමිටුවට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතාට අනුකමිටුව විසින් නිර්දේශ කරන ලදී.
ජාතික සභාව හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ හැකි බවද අනුකමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජාතික ප්‍රතිපත්තියක සිට රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වේගවත් කිරීම තුළින් ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් ඉක්මනින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉටුකළ හැකි බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම ලොව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවන් සහ යාවත්කාලීනවීම් හමුවේ ඊට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අවශ්‍යතාවද අනුකමිටුව අවධාරණය කළේය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









