ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් කථානායකතුමාට ඉල්ලීමක්

දිනය : 2022-10-10

අභිනවයෙන් පිහිටුවනු ලැබූ ජාතික සභා‍වේ සාමාජික සංයුතිය තුළ වැඩි කාන්තා නියෝජනයක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කථානායකතුමා වෙත ලිපියක් භාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත මෙම ලිපිය භාරදී ඇත්තේ පසුගිය ඔක්. 06 වැනිදායි.

ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනා සම්මතයට අනුව මේ වන විට නියමිත සමාජිකයක් 35 න් 28ක් නම් කොට ඇති අතර එයට ඇතුළත්ව ඇති මන්ත්‍රීවරිය වන්නේ ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යි.

එමනිසා ජාතික සභාවේ ඉතිරි සාමාජිකයන් නම් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

 

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි