ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා පත්වෙයි

දිනය : 2022-10-07

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා අද (ඔක්. 07) පත්විය.

අනු කමිටුවේ සභාපති ධූරය සඳහා ගරු නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සාගර කාරියවසම් මහතා විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්‍රි රහීම් මහතා විසිනි.

එහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරයන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී. එහිදී, රාජ්‍ය පරිපාලනය නවීකරණය කිරීම, සෞඛ්‍යය ප්‍රතිපත්ති නවීකරණය, අධ්‍යපන ප්‍රතිපත්ති නවීකරණය, ධීවර හා ආහාර ප්‍රතිපත්ති නවීකරණය, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති නවීකරණය, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණය කිරීමට සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනිම සඳහා  අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරයන් එකඟ වූහ.

එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යමකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝ කාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමටත් අනු කමිටු සාමාජිකයෝ එකඟ වූහ.

මෙම රැස්වීමට අමාත්‍ය නසීර් අහමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු පවිත්‍රා වන්නිආරච්චි, ගරු සාගර කාරියවසම්, ගරු වජිර අබේවර්ධන, ගරු අසංක නවරත්න, ගරු මනෝ ගනේෂන්, ගරු අලි සබ්රි රහීම්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි