ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝප්’ කමිටුවේ නව සභාපතිවරයා ලෙස ගරු (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි

දිනය : 2022-10-06

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (ඔක්. 06) පැවති අවස්ථවේදීය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ස්ථිර කරන ලදී.

එසේම කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය විසින් ස්ථිර කරන ලදී. එහිදී පැවති ඡන්ද විමසීමේදී ගරු (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතාට පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර ගරු එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂව ඡන්ද 07ක් ලැබිණි.

කොප් කමිටුවේ සමාජිකයන් වෙත අදහස් දක්වමින් නව කෝප් සභාපතිවරයා සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මූලික කාර්යයක් වන්නේ රාජ්‍ය ව්‍යවසායන් යාවත්කාලීන කරන්නේ කෙසේද යන්න සලකා බැලීම බවයි. කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා සියළු සාමාජිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මෙතෙක් රජයේ මුදල් කාරක සභව විසින් සලකා බලන ලද ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සහ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය පිළිබඳ මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ විමසීමට අදහස් කරන බවද සභාපතිවරයා පැවසීය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ, ගරු ශාන්ත බණ්ඩාර, ගරු ජගත් පුෂ්පකුමාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, ගරු පාඨලී චම්පික රණවක, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ගරු නිමල් ලන්සා, ගරු එස්.එම්.එම්. මුෂාරෆ්, ගරු එස්.එම්. මරික්කාර්, ගරු මුජිබර් රහුමාන්, ගරු රෝහිණි කුමාරී විජේරත්න, ගරු සන්ජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු ශානක්කියන් රාජපුත්තිරන් රාසමානික්කම්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි