ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝපා’ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා නිතරඟයෙන් පත් වෙයි

දිනය : 2022-10-05

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා නිතරඟයෙන් අද (05) තේරී පත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. බී. දිසානායක මහතා විසින් ඒ මහතාගේ නම කාරක සභාවේ සභාපතිවරයා ලෙස යෝජනා කරන ලද අතර එය ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිරෝශන් පෙරේරා මහතා විසිනි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා සඳහන් කළේ මෙම කාරක සභාවේ හිටපු සභාපතිවරුන්ගේ සහ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන කාරක සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ලසන්ත අලගියවන්න, ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, (ආචාර්ය) ගරු සුරේන් රාගවන්, ගරු විමලවීර දිසානායක, ගරු ඩයනා ගමගේ, ගරු කාදර් මස්ථාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්. බී. දිසානායක, (ආචාර්ය) ගරු සරත් වීරසේකර, ගරු නිරෝෂන් පෙරේරා, වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු අශෝක අබේසිංහ, ගරු බුද්ධික පතිරණ, ගරු ජයන්ත සමරවීර, ගරු හේෂා විතානගේ, ගරු ඉසුරු දොඩන්ගොඩ, (ආචාර්ය) මේජර් ගරු ප්‍රදීප් උදුගොඩ, ගරු වසන්ත යාපාබණ්ඩාර, ගරු ශානක්කියන් රාසමානික්කම්, ගරු සහන් ප්‍රදීප්, ගරු ඩී. වීරසිංහ, ගරු වීරසුමන වීරසිංහ, (මහාචාර්ය) ගරු චරිත හේරත් සහ (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

2 4

5 7

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි