ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවන වර කියවීම සඳහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවෙයි

දිනය : 2022-10-05

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ අනුමතිය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (ඔක්. 04) රැස්වූ අධිකරණ කටයුතු පිළිබද කාරක සභාවේදී හිමිවිය.

කාරක සභාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු පිණිස 19 වන සංශෝධනයට එහා ගිය වඩාත් ප්‍රගතිශීලී සංශෝධනයන් සිදුකර ඇති බවයි.

නව ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් මහබැංකු අධිපතිවරයා පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය ලබා ගත යුතු බවත්  මෙම සංශෝධනය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නොතිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද, 19 වැනි සංශෝධනය යටතේ විධායක ජනාධිපතිවරයාට ආරක්‍ෂක, මහවැලි සහ පරිසර යන විෂය පථයන් දැරීමේ බලය හිමිවී තිබුණද විසි දෙවැනි සංශෝධනය යටතේ එය ආරක්ෂක අමාත්‍යාංශයට පමණක් සීමා කර ඇති බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ද 7 වැනි දින පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා ද විවාදයට ලැනීමට නියමිතය.

කමිටු සාමාජිකයින් වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්,  රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි සහ  ගරු ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තලතා අතුකෝරල,  ගරු ඩිලාන් පෙරේරා, ගරු චන්දිම වීරක්කොඩි, ගරු ජයන්ත සමරවීර, ගරු. සාරතී දුෂ්මන්ත, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු එම්.ඒ. සුමන්තිරන්, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු. වෛද්‍ය උපුල් ගලප්පත්ති, ගරු කෝකිලා ගුණවර්ධන, ගරු. ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු. නිමල් පියතිස්ස, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම්. රාමේෂ්වරන්, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු වීරසුමන වීරසිංහ,  ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු. ලලිත් වර්ණ කුමාර යන මහත්ම මහත්මීහූ ඇතුළු නිලධාරීහු මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි