ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය |
දිනය : | 2022-10-05 |
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.
මේ සඳහා අනුමතිය හිමි වූයේ විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්. 04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙම ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ප්‍රතිපාදන සලසා දීම සිදු වේ.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඩී. වී. චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ ගරු එම්. එස්. තවුෆික් සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








