ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ |
දිනය : | 2022-10-03 |
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා, නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්. 03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, ගරු සිසිර ජයකොඩි මහතා, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස්. මහතා, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, ගරු දයාසිරි ජයසේකර මහතා, ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, ගරු ෆයිසාල් කාසිම් මහතා, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, ගරු ජයන්ත සමරවීර මහතා, ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා, ගරු ඉම්රාන් මහරූෆ් මහතා, ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, ගරු මධුර විතානගේ මහතා සහ ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා පත් කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






