ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝපා’ කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පත්කෙරේ

දිනය : 2022-10-03

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අගෝස්තු 29 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්. 03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, ගරු ලසන්ත අලගියවන්න මහතා, ගරු කේ. කාදර් මස්තාන් මහතා, ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, ගරු ඩයනා ගමගේ මහත්මිය, ගරු එස්. බී. දිසානායක මහතා, ගරු තිස්ස අත්තනායක මහතා, ගරු කබීර් හෂීම් මහතා, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, ගරු විමලවීර දිසානායක මහතා, ගරු නිරෝෂන් පෙරේරා මහතා, ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ගරු ජේ. සී. අලවතුවල මහතා, ගරු අශෝක් අබේසිංහ මහතා, ගරු බුද්ධික පතිරණ මහතා, ගරු ජයන්ත සමරවීර මහතා, ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, ගරු හේෂා විතානගේ මහතා, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා, ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, ගරු ඩී. වීරසිංහ මහතා, ගරු වීරසුමන වීරසිංහ මහතා, ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා සහ ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය පත්කොට තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි