'කෝප්' කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ |
දිනය : | 2022-10-03 |
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අගෝස්තු 29 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්. 03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු ජගත් පුෂ්පකුමාර මහතා,ගරු ජානක වක්කුඹුර මහතා, ගරු ලොහාන් රත්වත්තේ මහතා, ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ගරු ඩී. වී. චානක මහතා, ගරු ශාන්ත බණ්ඩාර මහතා, ගරු අනුර දිසානායක මහතා, ගරු රවුෆ් හකීම් මහතා, ගරු පාඨලී චම්පික රණවක මහතා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, ගරු නිමල් ලාන්සා මහතා, ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, ගරු එස්. එම්. මරික්කාර් මහතා, ගරු මුජිබුර් රහුමාන් මහතා, ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, ගරු සංජීව එදිරිමාන්න මහතා, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, ගරු සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ගරු මධුර විතානගේ මහතා සහ ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා පත් කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






