ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා රැස්වෙයි

දිනය : 2022-09-30

ලබන 6 සහ 7 දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සදහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා ප.ව. 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් රැස්වන කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ටද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මීට අමතරව විදුලිබල සහ බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 11.00ට රැස්වීමට නියමිතය.

මේ අතර රජයේ මුදල් පිළිබද කාරක සභාව ලබන 3 වැනිදා ප.ව. 1.00 ට ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ලබන 4 වැනිදා ප.ව. 3.00ට ද රැස්වීමට නියමිතව ඇත.

එසේම  ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 5 වැනිදා පෙ.ව. 11.00 ට ද ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමක් ලබන 6 වැනිදා පෙ.ව. 11.00 ට.ද පැවැත්වේ.

තවද පසුගියදා ප්‍රථම රැස්වීම පැවැත්වූ ‘ජාතික සභාවේ’ මීළග රැස්වීම ලබන 6 වැනිදා ප.ව. 3.00 ට පැවැත්වීමට ද නියමිතව ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි