ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත්වෙයි

දිනය : 2022-09-23

පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයට අදාළව නව සභාපති වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා (21) ඒකමතිකව තේරී පත්විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජිකයන් නම් කරන ලදී.  

මේ අනුව මෙම කාරක සභාවේ සෙසු මන්ත්‍රීවරු ලෙස ගරු ඩිලාන් පෙරේරා, ගරු ඩලස් අලහප්පෙරුම, ගරු වාසුදේව නානායක්කාර, ගරු කබීර් හෂීම්, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, ගරු තලතා අතුකෝරල, ගරු කනක හේරත්, ගරු විජිත බේරුගොඩ, ගරු තාරක බාලසූරිය, ගරු අනුරාධ ජයරත්න, ගරු ජී. ජී. පොන්නම්බලම්, ගරු හේෂා විතානගේ, ගරු කෝකිලා ගුණවර්ධන,  ගරු වීරසුමන වීරසිංහ සහ ගරු සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහූ කටයුතු කරති.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි