දෙවනවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනුමැතිය |
දිනය : | 2022-09-23 |
දෙවනවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (22) හිමිවිය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් කාරක සභාව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිවිය.
මේ අනුව, අන්තරායකර සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත මගින් රුපියල් දහසේ දඩ මුදල රු. දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. එසේම ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් “ළමයෙකු” ලෙස සඳහන් කළ යුතු පුද්ගලයාගේ වයස අවුරුදු දහසයේ සිට අවුරුදු දහඅට දක්වා සංශෝධනය කිරීමටද කාරක සභාවේ එකඟත්වය හිමිවිය.
තවද, නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත, අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සුළු හිමිකම් අධිකරණ කාර්යපටිපාටිය පනත් කෙටුම්පත, පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය ද හිමි විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු අනුරාධ ජයරත්න, ගරු ඩයනා ගමගේ, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චන්දිම වීරක්කොඩි, එම්.එස්. තවුෆීක්, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු සුදත් මංජුල, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, යන මහත්ම මහත්මීහූ ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








