ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන නොඅඩුව ලබාදීමට කටයුතු කරනවා - ධීවර අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සහතික වෙයි |
දිනය : | 2022-09-21 |
ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මේ අනුව ධීවරයින්ට දෛනිකව ඉන්ධන ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ධීවර කටයුතු අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ සභාපතීත්වයෙන් අද (21) පැවති ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.
එසේම මේ වසර අවසන් වන විට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින්, හඳුනාගෙන ඇති වැව් හාරදහසක මත්ස්‍ය පැටවුන් බෝ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ධීවර සංස්ථා අලෙවිසැල් විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් පිහිටුවීමට පියවර ගන්නා බවද පැවසීය.
මේ අතර ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව ධීවර ප්‍රජාවගේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සුබසාධනය නංවාලීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව ධීවර රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මහතා පැවසීය.
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග ත්‍රිත්වයක් කාරක සභාව විසින් අනුමත කරන ලදී.
2021 නොවැම්බර් 24 දිනැති අංක 2255/22 දරන ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇති නියෝගවලට අනුව ධීවර කර්මාන්තයට අදාළ ඇතැම් ක්‍රියාකාරකම් සදහා අයකරන ගාස්තුවල සංශෝධන සිදුවනු ඇත. අගය එකතු කළ ධීවර නිෂ්පාදන විකිණීම, ධීවර කර්මාන්තය ආශ්‍රිත උපකරණ ආනයනය සහ අපනයනය සහ ප්‍රතිඅපනයනය සිදුකරන ආයතන ලියාපදිංචිය සම්බන්ධ ගාස්තු, අලුත් යාත්‍රා නිෂ්පාදනය කිරීම සඳහා ලියාපදිංචි අංක වෙන් කිරීම සහ යාත්‍රාංගන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන ගාස්තු ද මේ අනුව සංශෝධනය කර ඇත.
2022 අප්‍රේල් 25 දිනැති අංක 2277/04 දරන ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇති නියෝගවලට අනුව නිල් පිහිණුම් කකුළුවන් සුරැකීම අපේක්ෂා කෙරේ.
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චන්දිම වීරකොඩි, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු වීරසුමන වීරසිංහ, ගරු සංජීව එදිමාන්න, ගරු චින්තක අමල්. මායාදුන්න, ගරු හේෂා විතානගේ, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය සහ ගරු රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද ධීවර අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






