ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

(203 වන අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ වන නියෝග සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

දිනය : 2022-09-20

(203 අධිකාරිය වූ) මෝටර් වාහන පනතේ 126 වන වගන්තිය සමග කියවිය යුතු 237 වන වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 මාර්තු 31 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සඳහා ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පසුගිය (16) වැනිදා හිමි විය.

මේ සඳහා එකඟතාවය හිමි වූයේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙම නියෝග මගින් රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තාවකාලිකව දීර්ඝ කිරීම සිදු වේ. මේ අනුව ඉදිරියේදී මෙම නියෝග පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.

මීට අමතරව මෙම කාරක සභාවේදී දේශීය මෝටර් රථ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම පිළිබඳ සොයාබැලීමට අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. එසේම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ සියලු ආයතන පිළිබඳව කෙටි වාර්තාවක් ඉදිරි කමිටු වාරයේදී ලබාදෙන ලෙසට ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ලසන්ත අලගියවන්න, ගරු දිලුම් අමුණුගම, ගරු ශාන්ත බණ්ඩාර, ගරු කණක හේරත්, ගරු සිරිපාල ගම්ලත්, ගරු ගීතා කුමාරසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්. එම්. මරික්කාර්, ගරු සංජීව එදිරිමාන්න, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු අසංක නවරත්න, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු සුමිත් උඩුකුඹුර, ගරු මධුර විතානගේ, ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි සහ ගරු යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි