සියලු වතු කම්කරුවන්ට සහ නාගරික වතු ප්‍රජාවට ලබන ඔක්තෝබර් මස සිට ලෝක ආහාර වැඩසටහන යටතේ විශේෂ දීමනාවක් - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි |
දිනය : | 2022-09-07 |
සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නව සභාවාරයේ කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අනුව ගරු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවතින ආර්ථික අර්බුදය හමුවේ වතු කම්කරුවන්ට මෙන්ම නාගරික වතු ප්‍රජාවටද මෙය ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින අර්බුදය හමුවේ ජපානය, කොරියාව සහ ඊශ්‍රායලය ආදි රටවලට වඩා වැඩි ශ්‍රමිකයන් පිරිසක් යැවීම වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම ජපානය වැනි රටවලට ශ්‍රමිකයන් යවන බව පවසා පන්ති පවත්වන වංචනිකයන්ද සිටින බැවින් ජනතාව නිවැරදිව කරුණු සොයාබලා කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා විය.
හෙට දිනයේ (08) පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්ද, කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත ද මෙහිදී සලකා බැලුණු අතර ඊට අදාළ අනුමතිය හිමිවිය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනෙවිරත්න, වඩිවේල් සුරේෂ්, ඩී.බී. හේරත්, වේලු කුමාර් යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








