මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරයට ගරු ජගත් පුෂ්පකුමාර මහතා යළිත් පත්වෙයි |
දිනය : | 2022-09-05 |
නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් පුෂ්පකුමාර මහතා යළි තේරී පත් විය. ගරු ජගත් පුෂ්පකුමාර මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රියංකර ජයරත්න මහතා විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ ගරු වඩිවේල් සුරේෂ් මහතා විසිනි. පසුගියදා (01) පාර්ලිමේන්තුවේදී පැවති මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී මේ තීරණ ගනු ලැබිණි.
ගරු ජගත් පුෂ්පකුමාර මහතා නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේදීද මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයන් පසුගියදා පත් කරන ලදී.
ඒ අනුව ඒ අනුව, ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, ගරු පියංකර ජයරත්න මහතා, ගරු දිලිප් වෙදආරච්චි මහතා, ගරු වඩිවේල් සුරේෂ් මහතා, ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, ගරු අශෝක ප්‍රියන්ත මහතා, ගරු අ. අරවින්ද් කුමාර් මහතා, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, ගරු සාරතී දුෂ්මන්ත මහතා, ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා, ගරු ජයන්ත කැටගොඩ මහතා, ගරු මොහමඩ් මුසම්මිල් මහතා, ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, ගරු වේලු කුමාර් මහතා, ගරු වරුණ ලියනගේ මහතා, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, ගරු මායාදුන්න චින්තක අමල් මහතා, ගරු නිපුණ රණවක මහතා, ගරු ගාමිණී වලේබොඩ මහතා, ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, සහ ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා යන මන්ත්‍රීවරයන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








