රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතාගෙන් මහජන ගැටලුවලට පිළිතුරු සජීවීව ට්විටර් (Twitter) අවකාශය ඔස්සේ |
දිනය : | 2022-09-01 |
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතා සහභාගි වන සජීවී සාකච්ඡාව හෙට (02) පෙරවරු 10.30 සිට 11.30 දක්වා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම (@ParliamentLK) ඔස්සේ පැවැත්වේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කටයුතුවලට අදාළ මහජන ගැටලු #LKaskMP ඔස්සේ යොමු කළ හැකි අතර එදින සජීවීව සම්බන්ධ වෙමින්ද ගැටලු යොමු කිරිමේ හැකියාව තිබේ.
මහජන කේන්ද්‍රීය පාර්ලිමේන්තුවක් උදෙසා මහජන නියෝජිතයන් සහ මහජනතාව සජීවීව සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙම සජීවී ට්විටර් සාකච්ඡා මාලාව සංවිධානය කරනු ලබයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






