ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ

දිනය : 2022-08-29

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ආණ්ඩු පාර්ශ්වයේ  ප්‍රධාන සංවිධායකවරයාගේ සභාපතිත්වයෙන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු කපිල අතුකෝරල මහතා, ගරු සු. නෝගරාදලිංගම් මහතා, ගරු සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා, ගරු වරුණ ලියනගේ මහතා, ගරු තිසකුට්ටි ආරච්චි මහතා, ගරු එම්. උදයකුමාර් මහතා, ගරු සංජීව එදිරිමාන්න මහතා, ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා, ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, ගරු කිංස් නෙල්සන් මහතා, ගරු රෝහණ බංඩාර මහතා, ගරු කුමාරසිරි රත්නායක මහතා, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, ගරු ඩී. වීරසිංහ මහතා, සහ ගරු මංජුලා දිසානායක මහත්මිය යන මන්ත්‍රීවරයන් පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි