ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් නම් කෙරේ

දිනය : 2022-08-29

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122  හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව, ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, ගරු ජගත් පුෂ්පකුමාර මහතා, ගරු පියංකර ජයරත්න මහතා, ගරු දිලිප් වෙදආරච්චි මහතා, ගරු වඩිවේල් සුරේෂ් මහතා, ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, ගරු අශෝක ප්‍රියන්ත මහතා, ගරු අ. අරවින්ද් කුමාර් මහතා, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, ගරු සාරතී දුෂ්මන්ත මහතා, ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා, ගරු ජයන්ත කැටගොඩ මහතා, ගරු මොහමඩ් මුසම්මිල් මහතා, ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, ගරු වේලු කුමාර් මහතා, ගරු වරුණ ලියනගේ මහතා, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, ගරු මායාදුන්න චින්තක අමල් මහතා, ගරු නිපුණ රණවක මහතා, ගරු ගාමිණී වලේබොඩ මහතා, ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, සහ ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා යන මන්ත්‍රීවරයන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරිම සඳහා පත් කොට තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි