ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් පාර්ලිමෙන්තුවට නිවේදනය කරයි

දිනය : 2022-08-29

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

මේ අනුව පහත දක්වා ඇති මන්ත්‍රීවරුන්ගේ නම් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස අද පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.


•    ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
•    ගරු ඩිලාන් පෙරේරා මහතා
•    ගරු ඩලස් අලහප්පෙරුම මහතා
•    ගරු වාසුදේව නානායක්කාර මහතා
•    ගරු කබීර් හෂීම් මහතා
•    ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
•    ගරු තලතා අතුකෝරල මහත්මිය
•    ගරු කනක හේරත් මහතා
•    ගරු විජිත බේරුගොඩ මහතා
•    ගරු තාරක බාලසූරිය මහතා
•    ගරු අනුරාධ ජයරත්න මහතා
•    ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
•    ගරු හේෂා විතානගේ මහතා  
•    ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
•    ගරු වීරසුමන වීරසිංහ මහතා
•    ගරු සමන්ප්‍රිය හේරත් මහතා

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි