ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගෘහ්‍ය කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ

දිනය : 2022-08-29

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිරීම සඳහා, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, ගරු චන්දිම වීරක්කොඩි, ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා, ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, ගරු ජේ. සී. අලවතුවල මහතා, ගරු නිමල් ලාන්සා මහතා, ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, ගරු ජයන්ත කැටගොඩ මහතා, ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, ගරු කිංස් නෙල්සන් මහතා, ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, සහ ගරු මර්ජාන් ෆලීල් මහතා යන මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි