ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ

දිනය : 2022-08-29

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධාන සහ  2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, ගරු එස්. බී. දිසානායක මහතා, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, ගරු මයන්ත දිසානායක මහතා, ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා, ගරු සාගර කාරියවසම් මහතා සහ ගරු යදාමිණි ගුණවර්ධන මහතා යන මන්ත්‍රීවරයන් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි