ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්වෙයි

දිනය : 2022-08-23

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්විණි.

ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය දා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතා මෙම කාරක සභාවේ සභාපතිත්වයට පත් කරනු ලැබී ය.

මේ අනුව 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බැලුණු අතර ඒ සඳහා අනුමතිය හිමිවිය. මීට අතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ද කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

එසේම කාරක සභාවට ඉදිරිපත් කර තිබූ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ  නියෝග සඳහාද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සදහා සහ රේගු ආ‍ඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි