ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අමාත්‍යාංශ ලේකම්වරු පස්දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමතිය

දිනය : 2022-08-15

අමාත්‍යාංශ ලේකම්වරුන් පස්දෙනෙකුට සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (12) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාගේ පත්වීමට, වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.සී.එම්. හේරත් මහත්මියගේ පත්වීමට සහ මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතාගේ පත්වීමට සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.පී.ඒ. විමලවීර මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන (ආචාර්ය) ගරු බන්දුල ගුණවර්ධන, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු විදුර වික්‍රමනායක, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තලතා අතුකෝරල, (වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, ගරු ජෝන් සෙනවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි