ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් ‘කෝප්’ කමිටුවට කැඳවීම පිළිබඳ කෝප් සභාපතිවරයාගේ විශේෂ නිවේදනය

දිනය : 2022-07-11

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත හෙට (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින ‍දේශපාලන තත්ත්වය හේතුකොටගෙන උක්ත රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පසුගිය කෝප් කමිටු රැස්වීමේදී සිදු කරන ලද පෞද්ගලික ප්‍රකාශය හේතු කොටගෙන ඛණිජ තෙල් මිල සම්බන්ධව රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ එම ප්‍රකාශය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතව තිබිණි.

රටේ තත්ත්වය සමනය වූ පසු මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද කෝප් සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පැවසීය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි