ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (24) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට |
දිනය : | 2022-05-23 |
|
ශ්‍රි ලංකා මහ බැංකුව හෙට (24) පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.
වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.