ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-11-16

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2009 සහ 2010 වර්ෂ සඳහා තැනැත්තන්, දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරියේ
(ii) 2010 වර්ෂය සඳහා නැවත පදිංචි කරවීමේ අධිකාරියේ

වාර්ෂික වාර්තා සහ ගිණුම් ප්‍රකාශ


"වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වික්ටර් ඇන්ටනි මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2013) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2013) දෙවැනි වර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"කිරි නිෂ්පාදන හා පශු සම්පත් කර්මාන්තය සංවර්ධනය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2013) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2012 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2013]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි