ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-10-23

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සමග කියවිය යුතු, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 13 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තියේ (ඈ) ඡේදය, 16 වැනි වගන්තිය සහ 112 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග (2012.02.21 දිනැති අංක 1746/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ii) 2010 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ‍ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ
(iii) 2007, 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ
(iv) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ
(v) 2009 සහ 2010 වර්ෂ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ

වාර්ෂික වාර්තා


(vi) 2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ක්‍රීඩා" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847 ට 2012 ඔක්තෝබර් මස 24 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි