ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-10-12

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ
(ii) 2011 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තා


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත දැක්වෙන යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

වාණිජ අරමුණු සඳහා ආගමික නායකයින්ගේ රූප භාවිතා කිරීම වැළැක්වීම

සියලුම ආගම්වලට සමානව ගරු කළ යුතු අතර කිසිදු වෙළඳ දැන්වීමක හෝ වෙනත් ආගමික නොවන භාණ්ඩයක බුදුරජාණන්වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ, ශිව දෙවියන්ගේ සහ මුහම්මත් නබිතුමන්ගේ රූප ඇතුළත් නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

සුනාමි ඛේදවාචක‍යෙන් ඇතිවූ ගැටලු විසඳීම

සුනාමි ඛේදවාචකය හේතුවෙන් කුමන හෝ ආකාරයේ ගැටලුවකට මුහුණ දී මේ වන තෙක් නොවිසඳී පවතින ගැටලු තිබේ නම්, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස මට්ටමින් සොයා බලා ඔවුන් මුහුණ දී ඇති හා දැනටත් මුහුණ දෙනු ලබන ගැටලු අවම කිරීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා "සහෝදර පාසල් වැඩසටහනක්" ස්ථාපනය කිරීම

ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා වන දස අවුරුදු ජාතික සැලැස්මක් ඇති කිරීම ජාතික ඒකාබද්ධතාව සහ සමාජ සංහිඳියාව සඳහා ඉතා වැදගත් ක්‍රියා මාර්ගයක් බැවින්, කෙටි කාලීන නිරාවරණ වැඩ සටහන් යටතේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හුවමාරුව සඳහා “සහෝදර පාසල් වැඩසටහනක්” මගින් බහුතරයක් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශවල තිබෙන එක් එක් පාසල්, දෙමළ මාධ්‍ය පාසල් සමග සම්බන්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ‍ය සහ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පූර්‍ව ළමා විය අධ්‍යාපනය පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම

අප රට තුළ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉතා වැදගත් අවස්ථාවක් වන පූර්‍ව ළමා විය අධ්‍යාපනය ලබා දීම (පෙර පාසල් අධ්‍යාපනය) පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර පෙර පාසල් පාලිකාවන්ට විධිමත් පුහුණුවක් හා බඳවා ගැනීමේ ක්‍රමයක් සමගින් වැටුප් ක්‍රමයක් ද සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.


පහත පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 119 සිට 122 දක්වා සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i) කාසිමි පදනම (සංස්ථාගත කිරීමේ) - ස්ථාවර කාරක සභාව "ඒ"
(ii) රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) - ස්ථාවර කාරක සභාව "ඒ"
(iii) ලංකා ශාන්ත ජෝසප් සොහොයුරන්ගේ සංගමය (සංශෝධන) - ස්ථාවර කාරක සභාව "බී"
(iv) රංජිත් අලුවිහාරේ පදනම (සංස්ථාගත කිරීමේ) - ස්ථාවර කාරක සභාව "ඒ"


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1705 ට 2012 ඔක්තෝබර් මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි