ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-10-11

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) (469 වැනි අධිකාරය වූ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 71 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 30 වැනි වගන්තිය යටතේ ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2012.09.06 දිනැති අංක 1774/27 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ
(iii) 2010 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ

වාර්ෂික වාර්තා


(iv) 2011 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v) 2011 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi) 2010 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ
(vii) 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ
(viii) 2011 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ ‍අමාත්‍යාංශයේ

වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තා


(ix) 2010 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන)

විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඇතැම් නඩුවල දී ලඝු නොවන පරීක්‍ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහා ද; පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සිවිල් ගුවන් සේවා පනත යටතේ රෙගුලාසි

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ගෝලීය ජලජීවී අරමුදලක් පිහිටුවීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වික්ටර් ඇන්ටනි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2012 ඔක්තෝබර් මස 12 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි