සභාවේ කටයුතු |
දිනය : | 2012-10-09 |
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු මාලනී ෆොන්සේකා මහත්මිය ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකතුමාගේ තීරණය
'දිවි නැගුම' පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධයෙන් ගරු කථානායකතුමාගේ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2012
(ii) 2011 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ
(iii) 2010 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
(iv) 2011 වර්ෂය සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ
(v) 2011 වර්ෂය සඳහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(vi) 2011 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ
(vii) 2011 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii) 2011 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තා
(ix) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ
(x) 2009 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ
(xi) 2010 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ
(xii) 2011 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනී සේවයේ
(xiii) 2010 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ
(xiv) 2008 සහ 2009 වර්ෂ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ
වාර්ෂික වාර්තා
(xv) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ පාලන හා ගිණුම් වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
විසර්ජන (2013)
2013 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
දිවි නැගුම
1995 අංක 30 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 1996 අංක 18 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ 2005 අංක 26 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් ඒකාබද්ධ කිරීම මගින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සඳහා ද; ග්‍රාමීය මට්ටමින් දිවි නැගුම ප්‍රජාමූල සංවිධාන පිහිටුවීම සහ දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් සම්බන්ධීකරණ ජාලයක් සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; දිවි නැගුම ප්‍රජාමූල බැංකු සහ දිවි නැගුම ප්‍රජාමූල බැංකු සමිති පිහිටුවීම සඳහා ද; 1995 අංක 30 දරන ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පනත, 1996 අංක 18 දරන ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය පනත සහ 2005 අංක 26 දරන ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ගරු ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ 3000" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වයි. ජී. පද්මසිරි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2012 ඔක්තෝබර් මස 10 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






