ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-09-21

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2006, 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා රණවිරු සේවා අධිකාරියේ
(ii) 2010 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ
(iii) 2011 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ
(iv) 2010 වර්ෂය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ
(v) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ
(vi) 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා රෙදිපිළි පංගු මණ්ඩලයේ
(vii) 2010 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය සඳහා බීසීසී ලංකා ලිමිටඩ්හි

වාර්ෂික වාර්තා


(viii) 2011 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix) 2011 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තාව සහ ගිණුම්


(x) 2011 වර්ෂය සඳහා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ
(xi) 2011 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
(xii) 2010 වර්ෂය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


(xiii) 2010 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය සඳහා ශ්‍රී ලංකා පදනමේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xiv) 2010 මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය සඳහා සී./ස. මිහින් ලංකා (පුද්ගලික) සමාගමේ මූල්‍ය ප්‍රකාශ


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු මහින්ද රත්නතිලක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හා හිරිහැර කිරීම්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1622 ට 2012 ඔක්තෝබර් මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි