ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-09-19

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ
(ii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ
(iii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි
(iv) 2011 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ
(v) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ
(vi) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ
(vii) 2009 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ

වාර්ෂික වාර්තා


(viii) 2011 වර්ෂය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ පාලන වාර්තාව
(ix) 2011 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(x) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තියේ (අ) ඡේදය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2012.09.05 දිනැති අංක 1774/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xi) 2010 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xii) 2011 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ ගිණුම් වාර්තාව

(xiii) 2011 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xiv) 2011 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xv) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ

වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්


"බරීරා මුස්ලිම් කාන්තා අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තව්ෆීක් මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක්
• රේගු ආඥාපනත යටතේ යෝජනාව
• මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක්



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු සවි කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි