ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-09-18

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපුරක වෙන්කිරීම - 2012

(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තියේ (අ) ඡේදය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2012.08.21 දිනැති අංක 1772/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


(iii) 2011 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv) 2011 වර්ෂය සඳහා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තා


(v) 2011 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ
(vi) 2011 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා


1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 (1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලද නියෝග;

(vii) 2012.06.13 දිනැති අංක 1762/29 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(viii) 2012.06.27 දිනැති අංක 1764/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය


(ix) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ
(x) 2008 සහ 2009 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ
(xi) 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා හලාවත වැවිලි සමාගමේ
(xii) 2006 සහ 2007 වර්ෂ සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රණවිරු සේවා අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"උතුරු පළාත් සභා මැතිවරණය - 2013" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1903 ට 2012 සැප්තැම්බර් මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි