ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-08-22

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ පාලන වාර්තාව

(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ
(iii) 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ
(iv) 2009 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
(v) 2009 වර්ෂය සඳහා ජෛව රසායන, අණුක ජෛව වේද හා ජෛවතාක්ෂණ ආයතනයේ
(vi) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තිස් දෙවැනි වාර්ෂික වාර්තාව-2010
(vii) 2010 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ
(viii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ
(ix) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ
(x) 2008-2009 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ
(xi) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ

වාර්ෂික වාර්තා


(xii) 2009 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්
(xiii) 2011 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්

(xiv) 2011 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ
(xv) 2011 වර්ෂය සඳහා ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

රණවිරු සේවා අධිකාරිය (සංශෝධන)

1999 අංක 54 දරන රණවිරු සේවා අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


"ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

"අල්-ජාමිඅතුල් ඉස්ලාමියියා අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී.


කල් තැබීමේ යෝජනාව

"උතුරු නැගෙනහිර තත්ත්වය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2012 සැප්තැම්බර් මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි