සභාවේ කටයුතු |
දිනය : | 2012-08-10 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) මුදල් කොමිෂන් සභාවේ 2012 වාර්ෂික අයවැයෙන් පළාත් අතර අරමුදල් බෙදා වෙන් කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශය. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ(4) ව්‍යවස්ථාව අනුව)
(ii) 2008 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාව
(iii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ
(iv) 2010 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ
(v) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ
(vi) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ
(vii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ
(viii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ
(ix) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරියේ
(x) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ
(xi) 2010 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ
(xii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ
(xiii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ
(xiv) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ
වාර්ෂික වාර්තා
(xv) 2011 වර්ෂය සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ පාලන වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
දිවි නැගුම
1995 අංක 30 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 1996 අංක 18 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ 2005 අංක 26 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් ඒකාබද්ධ කිරීම මගින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සඳහා ද; ග්‍රාමීය මට්ටමින් දිවි නැගුම ප්‍රජාමූල සංවිධාන පිහිටුවීම සහ දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් සම්බන්ධීකරණ ජාලයක් සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; දිවි නැගුම ප්‍රජාමූල බැංකු සහ දිවි නැගුම ප්‍රජාමූල බැංකු සමිති පිහිටුවීම සඳහා ද; 1995 අංක 30 දරන ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පනත, 1996 අංක 18 දරන ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය පනත සහ 2005 අංක 26 දරන ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත දැක්වෙන යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම
ආණ්ඩුවේ ලිපිලේඛනාදියෙහි යම් කෙනෙකුගේ ජාතිය හා ආගම සඳහන් කිරීම අවශ්‍ය කරුණක් වීම බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට බාධාවක් හා අවහිරයක් වී ඇති බැවින් එම අවශ්‍යතාවය ඉවත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගාලු කොටුව හා ඒ ආශ්‍රිත ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම
සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වූ ද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු වූ ද, ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුපවුර, ගාලු කොටුව ඇතුළත හා ගාලු කොටුව ආශ්‍රිතව ඇති ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා ජන සහභාගීත්වය ඇතිව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරමින් අප රටට මෙම ඓතිහාසික උරුමයේ නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සාම විනිසුරු තනතුරු ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම
මුළු මහත් සමාජයම පොදුවේ පිළිගනු ලබන සහ සමාජයට විශාල සේවාවක් සපයනු ලබන තනතුරක් වන සාමවිනිසුරු තනතුරු ලබා දීමේදී ඒ සඳහා සුදුසු නිර්නායක පදනම් කොට ගෙන එම තනතුරු ලබා නොදීම නිසා එම තනතුරෙහි ගෞරවය හා පොදු පිළිගැනීම ක්‍රමයෙන් හීන වන බැවින් ඒ සඳහා පොදුවේ පිළිගත හැකි නිර්නායක පදනම් කර ගන්නා වූ ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
තල් ගස් වගාව දිරිමත් කිරීම
"කට්පගතරු" යන නමින් හැඳින්වෙන පොදු ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් වන තල් ගස් වගාව දිරිමත් කිරීමෙන් තල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට සියලු පියවර ගත යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වික්ටර් ඇන්ටනි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2012 අගෝස්තු මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






