ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-07-19

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත, (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 19 (අ) වැනි වගන්තිය යටතේ රේගු තීරු බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය (2012.05.28 දිනැති අංක 1760/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ii) (451 වැනි අධිකාරය වන) වන සංරක්ෂණ ආඥාපනතේ 24 වැනි වගන්තියේ (1) වැනි උපවගන්ති‍ය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2012.06.11 දිනැති අංක 1762/1 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(iii) 2011 වර්ෂය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාලිත රන්ගෙ බණ්ඩාර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2012 ජූනි 20 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යට‍තේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"විදුහල්පති සේවයේ වැටුප් විෂමතා" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1817 ට 2012 අගෝස්තු මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි